මැතිවරණ කල් දැමීම ජනතා ඡන්ද අයිතියට බාධා කිරීමක් – පැෆ්රල් සංවිධානය

Person voting
දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස මැතිවරණ කොමිසමට ලිඛිතව දැන්වීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙලෙස මැතිවරණය කල් දැමීම තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බාධාවක් එල්ල වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අමතරව පළාත් සභා මැතිවරණය ද කල්දැමීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එකම දිනයක මැතිවරණ පැවැත්වීම යන කාරණා මුල් කරගනිමින් මැතිවරණ කල් දැමීම සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.