රවී ඉල්ලා අස්වීම ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් – ශාන්ත බණ්ඩාර

shantha-bandara-

හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම, ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

තනි පක්ෂයක් පමණක් බලයේ සිටියේ නම් මෙවන් අවස්ථාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ද ඉවත්වීමක් සිදුවන බවත්, එහිදී බලය ගිළිහී යන බවත් හෙතෙම කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පක්ෂයක් විදිහට තව දුරටත් එක්ව හිඳින්නට තීරණය කර ඇති බැවින් ආණ්ඩුව තුළ රැඳී සිටින බවත්, පක්ෂය විසින් තීරණය කරනු ලැබුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් ඔහු කියා සිටියේය.

සයිටම් ආයතනය එදා පැවති තත්ත්වයට වඩා අද ඉදිරියට පැමිණ ඇති බවත්, එහි ප්‍රමිතිය ඉහළ නැංවීම රජය විසින් කළ යුතු බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

පෞද්ගලික අධ්‍යාපනය හොඳ බවත්, එය වරදක් ලෙස නොදකින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සිසුන් හා බලධාරීන් සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.