කී දෙනෙක් එනවාද.. යනවාද?

pp-696x353

නවතින්න අද මෙහේ

ඉරට ඇයි බය මෙහෙම

‘කීදෙනෙක් එනවාද යනවාද’

ඒත් බුදු මහත්තයො

මට මෙහෙම හිතිලා නෑ කිසිදිනේ..

 

දෙනවා ඔය යතුර මෙහෙ

එළිවෙලා හොඳටෝම

කවුරුවත් දැක්කොතින්

හැමදේම කපෝතියි ගෑණියේ..

 

ගල් හිතක් විවර කල

යතුර ඔය හදවතයි

එකම එක මොහොත මේ

යන්න දෙන්නේ කෝම මා ඉතින්..

 

මෙන්න පඩි පැකට්ටුව

අරන් දොර අරින්නකො

වෙනදාට නයිට් කර

මේ වෙද්දි ගෙදර මං දෙවියනේ..

 

සල්ලි මට වැඩක් නෑ

හැමෝගෙම අතින් දෙන

ආදරේ දෙන්න මට

කවුරුවත් නොදුන් දෙය කිසිදිනේ..

අමතකද ගෑණියේ

දරුවො දෙන්නා මගේ

එයත් දැන් බලන් ඇති

පිස්සු හැදිලද තමුසෙ කියවන්නෙ..

 

මටත් දරුවෙක් ඕන

ලග ඉන්න නලවන්න

ඔයාගෙම ඇස් තියෙන

අබිරහස් තාත්තෙක් හරි ඉන්න..

 

-තරුෂි නවංජනා