“කලා පවුල්වලින් එන අයටයි, හිතවතුන්ට හැකියාව නැතත් අවස්ථාව ලැබෙනවා..ඒ නිසා දක්ෂයින් හැලෙනවා..”

received_1935456969851979

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

රංගන ශිල්පිනියක් ලෙස අධ්‍යයනයන් ලබමින් ඉදිරියට යන්නියක් අැය..ප්‍රසිද්ධිය පසුපස හඹා නොයන, වැඩි හදිසියක් නැතිව යම් රිද්මයකට ක්ෂේත්‍රයේ ඉදිරියට යන චරිතයක්..ඒ නිසාම ප්‍රසිද්ධිට එහා ගිය ජනප්‍රියතාවක් කෙටිකාලකින්ම ළඟා කරගැනීමට ඇයට හැකි වුණා.. අද අපේ කතාබහ රංගන ශිල්පිණි ප්‍රීති විජේසිංහ සමඟ..

-කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගෙවෙන්නේ?

මම කාලයක් නිහඬවෙලා හිටියා. නැවතත් මාස හතරක පමණ කාලෙක ඉඳලා වැඩ කටයුතු පටන් ගත්තා. මුලින්ම ප්‍රීතිරාජ් වීරරත්න මහත්මාගේ Film එකකට සම්බන්ධ වුණා “තිත්ත ඇත්ත” කියලා.. ඊට පස්සේ commercial කිහිපයක් කළා. ලබන සතියෙ සුරේශ් කුමාරසිංහගේ “කබාලි රාජා” කියන අළුත් Film එකේ ප්‍රධාන චරිතය එක්ක තමයි වැඩ කරගෙන යන්නේ..

– කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

මම 2012 වසරේ තමයි ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ.. 2012 වසරේ සුදර්ශියේ ටෙලි නාට්‍යය සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුණා.චන්දන ධර්මප්‍රිය මහතාගේ.. ඊට පස්සේ මට ඒකට call කළා..  එතන ඉඳලා දිගටම වැඩ වැලට සම්බන්ධ වුණා ..

received_1935454299852246

-ඔබ කළ චරිතවල ස්වභාවය එකිනෙකට වෙනස්ද ?එක වගේද?

එකම විදිහේ චරිත ලැබෙද්දි මට කරන්න දෙයක් නැහැ.. දෙයක් කරලා පෙන්නන්න පුළුවන් ටෙලිනාට්‍යයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් භාරගන්නවා. ඒ වගේම චරිත තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවා.

ඔබ වැඩියෙන්ම කැමැති පුංචි තිරයටද? සිනමාවටද?

මම තීරණය කරලා තියෙනවා ටෙලිනාට්‍යවලට සම්බන්ධවීම යම් මට්ටමකට සීමා කරලා ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්න. මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ පුංචි තිරයෙන්.එ් හරහා කරන්න තියෙන දේවල් අඩුයි .මම කැමති දෙයක් කරලා පෙන්නන්න. මට සිනමාවේදී ඒ දේ ලැබිල තියෙනවා..

received_1935454819852194

ඔබ වෙනත් රැකියාවක් කරන අතර ද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නේ?

මම කලින් රැකියාවක් කළා ..පසුව රැකියාවයි කලාවයි සමබරව ගෙනයන්න අපහසු නිසා මම කලාවෙනි ඉදිරියට යෑමට හා එහිම රැඳී සිටීමට අවශ්‍ය නිසා රැකියාවට සමු දුන්නා..

-වේදිකා නාට්‍ය රංගනයට අවස්ථාව ලැබුණොත් භාරගන්නවද?

ඔව් ..ඇත්තටම මම වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා.. මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ වේදිකා නාට්‍යයකට ඉදිරියේදී සම්බන්ධ වෙනවා ඊට අමතරව සැන්ඩෝ හැරිස් මහත්මාගේ වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබුණා ..මේ දවස්වල rehearsal  කරගෙන යනවා

received_1935454059852270 received_1935462653184744 (1)

-කොහොමද ඔබේ කලා කටයුතුවලට ලැබෙන ප්‍රතිචාර ?

බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.. 2012 ඒවගේ කරපු නිර්මාණ තාම මිනිස්සුන්ට මතකයි .facebook වැනි සමාජජාල නිසා ප්‍රේක්ෂකයින්ට ප්‍රතිචාර දැක්වීමට ලැබෙන අවස්ථාවත් වැඩියි.. facebook මගින් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා..

-ඔබේ පෞද්ගලික තොරතුරු, අධ්‍යාපනික කටයුතු ගැනත් කියමුද?

මගේ ගම රත්නපුර .. දැන් පදිංචිවෙලා ඉන්නේ කොළඹ මොරටුවේ.. මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරල තියෙනවා. ඊට අමතරව ඩිප්ලෝමා දෙකකුත් N.V.Q. level 4( beauty culture, makeup ) මට්ටමටත් හදාරා තිබෙනවා මේ වෙද්දි..

-ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා ද ?

මම මුලින්ම නිරූපණ කටයුතුවල නිරතවුණා. පසුව ක්‍රමයෙන් ඈත්වුණා දැන් ඉඳලාහිටලා ඒ වැඩවලට සම්බන්ධ වුණත් මා මුල්තැන දෙන්නේ රංගනයට..

– ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවද?

මට film දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. පසුගිය සතියෙත් ඉන්දියාවේ තිබුණ රූගත කිරීම් කිහිපයකට සම්බන්ධ වුණා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ ඔබ ගැන සෑහීමකට පත් වෙනවාද ?

ඇත්තටම සෑහීමකට පත් වෙන්නේ නැහැ . මං හිතන්නේ හැම රංගන ශිල්පිනියක්ම මෙහෙමයි. තමන් කරපු වැඩ නැවත බලද්දි තව හොඳට කරන්න තිබුණා කියලා හිතෙනවා. මම තාම කලාව කියන දේ අධ්‍යයනය කරමින් සිටින්නේ.

– ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැතිරෙන gossip ඔබට අභියෝගයක් වූ අවස්ථා තිබේද ?

සෑම ක්ෂේත්‍රයක් තුළම අභියෝග තිබෙනවා ..හැබැයි මේ ක්ෂේත්‍රය තුළ Gossip විදිහට මේ දේවල් එළියට එනවා වැඩියි. කියන දෙයටත් වඩා දේ උලුප්පා පෙන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. මම හරි වුණොත් ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්න පුළුවන්. අභියෝගවලට නම් මුහුණ දෙන්න සිදු වෙනවා..

–  සුදුස්සන්ට ද රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ?

ඒ ගැන නම් විවේචනයක් තිබෙනවා. හැකියාවන් ඇති අය ඉදිරියට එනවා වැඩියි.. විශේෂයෙන් කලා පවුල් වලින් ඉදිරියට එන අයට හැකියාවක් නැතත් අවස්ථාව වැඩියි.. හැකියාව තියෙන අයට අවස්ථාව අඩුයි. කලාව ඉදිරියට ගෙන යන්න නම් හැකියාවට වැඩි අවස්ථාවක් ලැබිය යුතුයි.හිතවතුන්ට නෙවෙයි..

– හොඳ රූපයක් තිබෙන ඕනම කෙනෙකුට රංගන ශිල්පියෙක් විය හැකිද ?

රූපය නෙවෙයි හැකියාවයි වැදගත්.. උදාහරණයක් ලෙස දෙනවක හාමිනේ ක්ෂේත්‍රය ⁣ජයගන්නෙ රූපයෙන් නෙවෙයි හැකියාව මත..හැබැයි දැන් තියෙන තත්වය අනුව නම් රූපය ගොඩක්ම වැදගත් වෙනවා..

– ක්ෂේත්‍රයට ඉදිරියේදී සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මොකක්ද කියන්න තියෙන්නේ?

මම කලාවට සම්බන්ධ වෙනකොට රංගනය හදාරන්න තැනක් තිබුනේ නැහැ. නමුත් දැන් ඕන තරම් තියෙනවා. තමන්ගේ රූපය, පෞරුෂත්වය හා හැදෑරීම්/අධ්‍යයනයන් සහිතව ක්ෂේත්‍රයට ආවොත් කාටවත් වට්ටන්න බැහැ..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි